Home උණුසුම් පුවත් ජ’පුර සරසවියේ උපකුලපති ධුරයට ඉල්ලුම් 5ක්

ජ’පුර සරසවියේ උපකුලපති ධුරයට ඉල්ලුම් 5ක්

ජ’පුර සරසවියේ උපකුලපති ධුරයට ඉල්ලුම් 5ක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරය සඳහා අයදුම්පත් 5 ක් ලැබී තිබෙන බව එම විශ්ව විද්‍යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.එම්.පද්මලාල්, දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනි ජේෂ්ඨ මහාචාර්ය සුරංගී සුරංගි යසවර්ධන, මානව ශාස්ත්‍ර හා සමාජයීය සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද, කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපතිවරුන් වන මහාචාර්ය අනුර කුමාර සහ මහාචාර්ය හිලරි සිල්වා යන මහත්ම මහත්මීහු උප කුලපති ධුරය සඳහා අයදුම්පත් ඉදිරිපත් කර තිබේ.

වර්තමාන උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා වසර 3 ක සේවා කාලයකින් පසුව සප්ත වාර්ෂික නිවාඩු ලබාගෙන ඇති නිසා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය පුරප්පාඩු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here