Home උණුසුම් පුවත් අලුත් ඔන්ලයින් ක්‍රමයේ තාක්ෂණික ගැටලු නිසා බදු ගෙවන්නෝ අමාරුවේ

අලුත් ඔන්ලයින් ක්‍රමයේ තාක්ෂණික ගැටලු නිසා බදු ගෙවන්නෝ අමාරුවේ

අලුත් ඔන්ලයින් ක්‍රමයේ තාක්ෂණික ගැටලු නිසා බදු ගෙවන්නෝ අමාරුවේ

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රථම වතාවට හඳුන්වා දුන් අන්තර්ජාල ක්‍රමවේදයේ තාක්ෂණික ගැටලු හේතුවෙන් බදු ගෙවන්නන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි වාර්තා වේ.

2021-2022 මූල්‍ය වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලබාදී තිබූ කාලය අද දිනෙන් අවසන් වූ අතර දින කිහිපයක් තිස්සේ අන්තර්ජාල ක්‍රමවේදයේ තාක්ෂණික ගැටලු හේතුවෙන් බදු ගෙවන්නන්ට ඊට ඇතුළු විය නොහැකි වූ බවද පැවසේ.

දේශීය ආදායම් බදු වාර්තා අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැමිස් නමින් අන්තර්ජාල ක්‍රමවේදයක් හඳුන්වාදුන් අතර බදු ගෙවන්නන්ට තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඊට ඇතුළු විය නොහැකි වූ බවද වාර්තා වේ.

එම නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව අවධානය යොමුකර සහන කාලයක් ලබා දිය යුතු බව ද බදු ගෙවන්නෝ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here