Home උණුසුම් පුවත් අයවැයේදී පක්ෂ තීන්දුවට එරෙහි වූ දුමින්දට ශ්‍රීලනිපයෙන් විනය පියවර

අයවැයේදී පක්ෂ තීන්දුවට එරෙහි වූ දුමින්දට ශ්‍රීලනිපයෙන් විනය පියවර

අයවැයේදී පක්ෂ තීන්දුවට එරෙහි වූ දුමින්දට ශ්‍රීලනිපයෙන් විනය පියවර

පක්ෂයේ තීරණයට පිටින් යමින් අයවැයට පක්‍ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා පවසන්නේ‍ අයවැයට විරුද්ධව ඡන්දය දීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණය ජාතික සංවිධායකටද අදාළ බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යළිත් පක්‍ෂයේ බලය අල්ලයිද යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ඒ ගැන කිසිම බයක් නොමැති අතර, ඕනෑම අයකුට පක්‍ෂයට ආ හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here