Home උණුසුම් පුවත් අතිදක්ෂ රංගන ශිල්පියකු දැයට අහිමි වෙයි

අතිදක්ෂ රංගන ශිල්පියකු දැයට අහිමි වෙයි

අතිදක්ෂ රංගන ශිල්පියකු දැයට අහිමි වෙයි

සිනමාව හා ටෙලිනාට්‍ය කලාවේ අතිදක්ෂ රංගන ශිල්පියකු වූ දර්ශන් ධර්මරාජ් මහතා අද (2) අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු අභාවප්‍රාප්ත වනවිට 41 වැනි වියේ පසුවිය.

හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (2) අලුයම ඔහු රෝහල්ගත කිරීමෙන් පසුව ඔහු අභාවප්‍රාප්ත වී ඇත.

රත්නපුර, රක්වාන ප්‍රදේශයේ උපත ලැබූ දර්ශන් ධර්මරාජ්, දිවංගත සිඩ්නි චන්ද්‍රසේකරගේ ටෙලිනාට්‍යක රංඟනයට එක්වෙමින් කලා ලොවට එක්විය.

කබඩි,සිංහාවලෝකනය, සුනාමි,මාතා, මාරියා,ඉනිඅවන්, මචං, ඉර හඳ යට, ප්‍රභාකරන් වැනි ජනප්‍රිය චිත්‍රපට රාශියක චරිත නිරූපණය කළ ඔහු සම්මාන කිහිපයක් ද හිමිකර ගත්හ.

සැබෑ ජීවිතයේදී දුෂ්කර ජීවිතයක් ගත කරමින් සිටි ඔහු‍ 2008 වසරේ දී ඒ-9 කතාමාලාවෙන් රංගනයට පිවිසි අතර ඔහුගේ රංගන කුසලතාවයේ ඇති අපූර්වත්වය නිපුණත්වය නිසාම ඔහු වාර කිහිපයකදී අඛණ්ඩව සම්මානයට පාත්‍රවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here