Home උණුසුම් පුවත් දිවුලපිටියේ පාසලක සිසුන්ගේ මාපියන්ට විදුහල්පතිට හැමදාම කෑම දෙන්න වෙලා

දිවුලපිටියේ පාසලක සිසුන්ගේ මාපියන්ට විදුහල්පතිට හැමදාම කෑම දෙන්න වෙලා

දිවුලපිටියේ පාසලක සිසුන්ගේ මාපියන්ට විදුහල්පතිට හැමදාම කෑම දෙන්න වෙලා

දිවුලපිටිය ප්‍රදේශයේ කුඩා පාසලක විදුහල්පතිවරයෙකු දිනපතා උදේ ආහාර පැකට්ටුවක් දෙමව්පියන්ගෙන් ලබාගන්නා බවට පාසල් සිසුන්ගේ දෙමාපියෝ චෝදනා කරති.

එම විදුහල්පතිවරයා සිසුන්ට උදේ ආහාර රැගෙන එන දෙමව්පියන්ගෙන් තමාට තමාට ද කෑම පැකට්ටුවක් ලබාදෙන ලෙස බල කර ඇතැයි ද එම නිසා දෙමව්පියන් අපහසුතාවයට පත් ඇතැයිද ඔවුහු පවසති.

එම විදුහලේ ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමට දෙමව්පියන්ට පවරා ඇති අතර සෑම පන්ති එකම එක සිසුවකුගේ දෙමව්පියෝ එක් දිනක් මුළු පන්තියටම උදේ ආහාර සැපයීම එයින් සිදු කෙරේ.

ඒ අතර සිසුන්ට උදේ ආහාරය සපයන අතරවාරයේ විදුහල්පතිවරයාට ද විශේෂ කෑම පැකට්ටුවක් ලබාදීමට දෙමව්පියන්ට සිදුවී තිබේ.

පාසල් ආහාර වැඩසටහනට බාහිර පාර්ශව සම්බන්ධ වීමට අකමැත්ත පළකිරීම නිසා එම වැඩසටහන දෙමව්පියන්ට පවරා ඇති අතර එක් සිසුවකු වෙනුවෙන් දිනකට රුපියල් 60 ක මුදලක් කලාප කාර්යාලය මගින් ලබා දෙන අතර එම මුදල් දෙමව්පියන්ට ගෙවා එම ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරන බවද එහෙත් විදුහල්පතිවරයාට ලබාදෙන කෑම පැකට්ටුව වෙනුවෙන් දෙමව්පියන්ට කිසිදු මුදලක් අය නොවන බව ද ඔවුහු පෙන්වා දෙති.

සතියේ දින පහේ සෑම දිනකම උදේ ආහාරය එමඟින් විදුහල්පතිවරයාට නොමිලේ ලැබෙන බව ද දෙමව්පියෝ කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here