
වත්මන් ආණ්ඩුවට සම්බන්ධවී අමාත්‍ය ධූර හෝ තනතුරු ලබානොගනු ඇතැයි ස්ථිරවම ප්‍රකාශ කළ හැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් පස් දෙනෙකු පිළිබඳ පමණක් බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.
ඔහු සඳහන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් අයෙකු ආණ්ඩුවට සම්බන්ධවී අමාත්‍ය ධූර ලබාගැනීමේ ඉඩක් ඇති බවයි.
කුමන පුද්ගලයෙකු පක්ෂය අත්හැර ගියත් අනිවාර්යයෙන්ම අවම පස් දෙනෙකුවත් පක්ෂය තුළ සිටිනු ඇති බවට තමන් විශ්වාස කරන බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවා.
ඉකුත් මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රීධූර 14 හිමි විය. ඒ අතරින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් වන නිමල් සිරිපාලද සිල්වා හා මහින්ද අමරවීර යන මහත්වරුන් වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධූර හොබවයි.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ ජගත් පුෂ්පකුමාර, ලසන්ත අලගියවන්න, සුරේන් රාඝවන්, ශාන්ත බණ්ඩාර, චාමර සම්පත් දසනායක, රංජීත් සියඹලාපිටිය ඉකුත් සතියේදී රාජ්‍ය අමාත්‍යධූර ලබාගත්හ.
ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන්නේ පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහලේකම් දයාසිරි ජයසේකර, ශාන් විජයලාල් ද සිල්වා, දුෂ්මන්ත මිත්‍රපාල, අංගජන් රාමනාදන් හා දුමින්ද දිසානායක මහත්වරුන් පමණි.
මේ අතරින් දුමින්ද දිසානායක මහතා ලබන සතියේදී කැබිනට් අමාත්‍යධූරයක දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.