Home උණුසුම් පුවත් පාසල් අභ්‍යාස පොත්වල මිල දෙගුණයකින් ඉහළට

පාසල් අභ්‍යාස පොත්වල මිල දෙගුණයකින් ඉහළට

පාසල් අභ්‍යාස පොත්වල මිල දෙගුණයකින් ඉහළට

සියලුම පාසල් අභ්‍යාස පොත්වල මිල ගණන් 200%කින් පමණ ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති නිරුක්ෂ කුමාර මහතා පවසන්නේ රට තුළ කඩදාසි හිඟයක් පවතින බවත්, ණයවර ලිපි නිකුත් කිරීම සඳහා බැංකුවලින් ඩොලර් ලබා නොදෙන බැවින් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

ඒ අනුව රුපියල් 120ට පැවති පිටු 120 ක අභ්‍යාස පොතක මිල මේ වනවිට රුපියල් 225 සිට ඉහළ ගොස් තිබේ.

රුපියල් 75ට පැවති පිටු 80 අභ්‍යාස පොතක නව මිල රුපියල් 100කි.

රුපියල් 65ට පැවති පිටු 40 අභ්‍යාස පොතක වර්තමාන මිල රුපියල් 180ක් වේ.

එමෙන්ම, රුපියල් 150ට පැවති පිටු 40 සී ආර් පොතක නව මිල රුපියල් 290 දක්වා ඉහළ ගොස් ඇත.

මීට අමතරව රුපියල් 115ට පැවති පිටු 40 චිත්‍ර පොතක වර්තමාන මිල රුපියල් 230 ක් දක්වා ඉහළ දමා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here