Home උණුසුම් පුවත් මේ වසරේ පමණක් රැකියාවට විදෙස්ගත වූ ලාංකිකයන් දෙලක්ෂය පනී

මේ වසරේ පමණක් රැකියාවට විදෙස්ගත වූ ලාංකිකයන් දෙලක්ෂය පනී

මේ වසරේ පමණක් රැකියාවට විදෙස්ගත වූ ලාංකිකයන් දෙලක්ෂය පනී

මෙම වසරේ මේ දක්වා කාලය තුළ පමණක් ශ්‍රී ලාංකිකයින් 208,772 දෙනෙකු  විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 

එහි මාධ්‍ය ප්‍රකාශ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා මහතා පවසන්නේ,  ඒ අතරින් වැඩි පිරිස පිරිමි පුද්ගලයින් වන අතර එම සංඛ්‍යාව එක්ලක්ෂ විසිහය දහසකට අධික බවයි.

එමෙන්ම ලාංකිකයන්  2858 දෙනෙකු  දකුණු කොරියාවේ රැකියා සඳහා  පිටත්ව ගොස් ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

මේ මාසය තුළ ශ්‍රමිකයින්  480 දෙනෙකු පිටත්ව ගොස් ඇති බවත් ලබන තවත් 130 දෙනකු කොරියානු රැකියා සඳහා පිටත්ව යන බවත් ඔහු කීය.

තව ද වසර අවසාන වන විට සමස්ත  ශ්‍රමිකයින් 5,000ක් කොරියානු රැකියා සඳහා යොමු කිරීම බලාපොරොත්තු වන බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here