Home උණුසුම් පුවත් හලාවත කලපුවත් මාළු මාකට්ටුවත් පාළුවට ගිහින්

හලාවත කලපුවත් මාළු මාකට්ටුවත් පාළුවට ගිහින්

0
හලාවත කලපුවත් මාළු මාකට්ටුවත් පාළුවට ගිහින්

අඩුමිලට භූමිතෙල් ඉල්ලා හලාවත ධීවරයින් ආරම්භ කර ඇති වර්ජනයට අදට(26) දින 10 ක් සම්පූර්ණ වෙයි.

මෙම තත්ත්වය නිසා හලාවත සහ අවට පදිංචි ධීවරයින් 1000 කට වැඩි ප්‍රමාණයක් මසුන් මැරීම සදහා මුහුදට හෝ කලපුවට නොයාමට තීරණය කර ඇත.

ධීවරයින් මසුන් මැරීම සදහා නොයාම හේතුවෙන් දින 10 ක කාලයක සිට හලාවත මාළු අලවිසැල සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.

පවතින තත්ත්වය නිසා පසුගිය දින කීපය තුළ හලාවත සහ අවට පදිංචිකරුවන්ට මාළු මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබුණි.

නමුත් ව්‍යාපරිකයින් පිරිසක් 26 වැනිදා පෙරවරුව වන විට හලාවත – කුරුණෑගල මාර්ගයේ මල්වත්ත ප්‍රදේශයේ මාළු අලවි කරන අකාරයක් දක්නට ලැබුණි.

දකුණ සහ නැගෙනහිර පළාත්වලින් ගෙන එන මාළු මෙම ස්ථනයේ අලවි කරන බවත්,හලාවත මාළු අලවිසැල වසාදමා තිබීම නිසා විකල්පයක් ලෙස මෙම ස්ථානය තෝරා ගත් බවත් ඔවුන් කියා සිටියේය.

මල්වත්ත ප්‍රදේශයේ මාළු අලවි කරන ස්ථානයට සංචාරක මාළු අලෙවිකරුවන් සහ ගැණුම්කරුවන් විශාල පිරිසක් පැමිණ සිටින ආකාරයක්ද දක්නට ලැබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here