Home උණුසුම් පුවත් ලංවිමෙන් පිරිසකට කෝටි 2800ක පොල්ලක්

ලංවිමෙන් පිරිසකට කෝටි 2800ක පොල්ලක්

ලංවිමෙන් පිරිසකට කෝටි 2800ක පොල්ලක්

සූර්ය පැනල ඇතුළු පුනර්ජනනීය බලශක්ති මිලදීගැනීම වෙනුවෙන් නිවෙස් හිමියන්ට සහ කර්මාන්තකරුවන්ට ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 2800ක පමණ ණය ගෙවීමට ඇතැයි වාර්තා වේ.

සූර්ය පැනල, සුළං කුඩා හා මහා පරිමාණ ජල විදුලිය මගින් ජනනය කරන විදුලිය මිලදී ගැනීම වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය මාස අටක් තිස්සේ නිවාස හිමියන්ට සහ කර්මාන්තකරුවන්ට මුදල් ගෙවා නැතැයිද ලංවිම ආරංචිමාර්ග සඳහන් කරයි.

සූර්ය පැනල මගින් රටට අවශ්‍ය විදුලිය වැඩි වැඩියෙන් ජනනය කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති පසුබිමක ලංවිම නිවාස හිමියන්ට සහ කර්මාන්තකරුවන්ට මුදල් ගෙවීම පැහැරහැරීම තමන් අධෛර්යමත් කිරීමක් බවද කර්මාන්තකරුවෝ සඳහන් කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here