Home උණුසුම් පුවත් යතුරුපැදි – පාපැදි සොරකමට ඇල්ලූ සැකකරු ළඟ පිස්තෝලයක්

යතුරුපැදි – පාපැදි සොරකමට ඇල්ලූ සැකකරු ළඟ පිස්තෝලයක්

0
යතුරුපැදි – පාපැදි සොරකමට ඇල්ලූ සැකකරු ළඟ පිස්තෝලයක්

යතුරු පැදි සහ පා පැදි සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සතුව තිබී විදේශීය රටක නිෂ්පාදනය කරන ලද පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 04 ක් සොයා ගැනීමට හැකිවූ බව කොස්වත්ත පොලීසිය කියයි.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුවිල – නැගෙනහිර කිරිමැටියාන පදිංචි වයස අවුරුදු 27 ක් වන අයෙකුවය.

වෙන්නප්පුව සහ අවට පසුගිය දින කීපය තුළ යතුරු පැදි සහ පා පැදි සොරකම් කීපයක් සිදුවී ඇත.

ඒ සම්බන්ධයෙන් විමර්ශණය සිදු කර ඇති පොලීසිය සැකකරුව සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කර ඇත.

එහිදී සැකකරු විසින් සොරකම් කර ස්ථාන කීපයකට අලවි කර තිබූ පා පැදි 03 ක් සහ යතුරු පැදි 03 ක්ද පොලීසිය විසින් සොයා ගෙන ඇත.

සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්ණ කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ තමන් සතුව ගිනි අවියක්ද තිබෙන බවය.

ඒ අනුව පොලිස් නිලධාරීන් සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමට කටයුතු කර ඇත.

නිවසේ සගවා තිබූ විදෙස් රටක නිෂ්පාදනය කරන ලද “මොඩල් 75” වර්ගයට අයත් පිස්තෝලය සහ ඊට යොදන ජීව උණ්ඩ 04 සොයා ගෙන ඇත්තේ එම අවස්ථාවේදීය.

මෙම පිස්තෝතල තමන් විසින් ලුනුවිල – සිරිගම්පල ප්‍රදේශයේ නිවසකින් සොරකම් කළ එකක් බව සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත.

සැකකරු විවිධ සොරකම්වලට සම්බන්ධ අයෙකු මෙන්ම අධික ලෙස මත් කුඩු භාවිතයට ඇබ්බැහිවී සිටින අයෙකු බවටද පොලීසිය අනාවරණය කරගෙන ඇත.

සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
කොස්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here