Home උණුසුම් පුවත් පිරවුම්හල් 12 කට ඉන්ධන බෙදාහැරීම නවතයි

පිරවුම්හල් 12 කට ඉන්ධන බෙදාහැරීම නවතයි

පිරවුම්හල් 12 කට ඉන්ධන බෙදාහැරීම නවතයි

ඉන්ධන ලබාදීමේදී දැනට ක්‍රියාත්මක QR ක්‍රමවේදයට අවම ලෙස දායකවූ ඉන්ධන පිරවුම්හල් 12 කට ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව නතර කර තිබේ.

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ වෙළඳ අංශය සමග ප්‍රගති සමාලෝචන හමුවෙදී QR ක්‍රමවේදය භාවිතා කරමින් ඉන්ධන පිරවුම්හල් කටයුතු කර ඇති ආකාරය නිරීක්ෂණය කළ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේය.

ඒ අනුව එම ක්‍රමයට අවම ලෙස දායක වී ඇති පිරවුම්හල් 12ක පමණ ඉන්ධන බෙදා හැරීම තාවකාලිකව අත් හිටුවීමට තීරණය කළ බව ඔවුන් නිවේදනය කළේය.

එමෙන්ම මහජන පැමිණිලි ලෙස ලැබී ඇති තොරතුරු අදාල පොලිස් ස්ථාන වෙත ලබා දීමටත් අඛණ්ඩව නියාමන කටයුතු සිදු කිරීමටත් දන්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here