Home උණුසුම් පුවත් ගිනිගාණට විකිණෙන බිත්තර – කුකුළු මස් ගැන අද සාකච්ඡාවක්

ගිනිගාණට විකිණෙන බිත්තර – කුකුළු මස් ගැන අද සාකච්ඡාවක්

ගිනිගාණට විකිණෙන බිත්තර – කුකුළු මස් ගැන අද සාකච්ඡාවක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ බිත්තර, කුකුළු මස් නිෂ්පාදකයින් අතර අද (16) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිළධාරියකු සඳහන් කළේ බිත්තර සහ කුකුළු මස් මිල සීඝ්‍රයෙන් ඉහළ යෑමට හේතුව මෙහිදී විමසා බැලෙන බවයි.

බිත්තර හා කුකුළු මස් මිල අධික ලෙස ඉහළයෑම සම්බන්ධයෙන් තමාට වාර්තාවක් ලබාදෙන ලෙස වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ඊයේ (15) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් දී තිබුණි.

බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදකයින් සමඟ සාකච්ඡා කර එම වාර්තාව සකස්කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

මේ දිනවල බිත්තරයක මිල රුපියල් 63 ක් පමණ අළවි වන අතර කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 1500 කට අධික මුදලකට අලෙවි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here