Home උණුසුම් පුවත් පෙට්‍රල් ලීටර් 13,000ක් සමඟ ජාවාරම්කරුවන් 7ක් අත්අඩංගුවට

පෙට්‍රල් ලීටර් 13,000ක් සමඟ ජාවාරම්කරුවන් 7ක් අත්අඩංගුවට

0
පෙට්‍රල් ලීටර් 13,000ක් සමඟ ජාවාරම්කරුවන් 7ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ඉන්ධන ජාවාරමක නිරත වූ පුද්ගලයින් 7 දෙනෙකු පෙට්‍රල් ලීටර් 13,200 ක් සමග ආණමඩුව සහ පුත්තලම පොලීසිවල නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අද(15) මෙම වැටලීම සිදුකර තිබුණි.

මාළු ප්‍රවාහනය කරණු ලබන ලොරියකින් ඉන්ධන ලීටර් 4000 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පුත්තලම පොලීසියේ නිලධාරීන් විසින් මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත.

එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ පුත්තලම – කල්අඩිය ප්‍රදේශයේදීය. පෙට්‍රල් තොගය නොරචෝලේ දක්වා රැගෙන යමින් සිටි බව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පොලීසිය හමුවේ පවසා ඇත.

මේ අතර, තවත් පෙට්‍රල් ලීටර් 9200 ක් සැකකරුවන් 05 දෙනෙකු සමග ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ අණමඩුව – තෝනිගල ප්‍රදේශයේදීය.

පෙට්‍රල් ලීටර් 13,200 ක් සිපෙට්කෝ ආයතනයේ ඉන්ධන බෙදා හරින බව්සරයකින් ආණමඩුව ප්‍රදේශයට පසුගිය දිනක ගෙනවිත් ඇත.

එම ඉන්ධන තොගය ආණමඩුව – තෝනිගල ප්‍රදේශයේ පිහිටි පාළු ඉඩමකදී ප්ලාස්ටික් බැරල් වලට අසුරමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මෙම ඉන්ධන ජාවාරම සිදු කර ඇති ජාවාරම්කරුවා අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය කියයි.

පුත්තලම සහ ආණමඩුව පොලීසි වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here