Home උණුසුම් පුවත් ශ්‍රී ලාංකික කතුන්ට ඊශ්‍රායලයේ නිවාසවල සාත්තු සේවා රැකියා

ශ්‍රී ලාංකික කතුන්ට ඊශ්‍රායලයේ නිවාසවල සාත්තු සේවා රැකියා

ශ්‍රී ලාංකික කතුන්ට ඊශ්‍රායලයේ නිවාසවල සාත්තු සේවා රැකියා

ඊශ්‍රායලයේ නිවාසවල සාත්තු සේවය සඳහා ශ්‍රී ලාංකික කාන්තාවන්ට අවස්ථාව ලබාදෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

බවත් ප්‍රථම පියවර වශයෙන් කාන්තාවන් 100 දෙනෙකුට නොමිලේ පුහුණුව ලබාදෙන බවද එම කාර්යාංශය සඳහන් කරයි.

වයස අවුරුදු 25ක් 44ත් අතර වයසේ පසුවන විදේශ රැකියාවට ගොස් පැමිණි කාන්තාවන්ට විශේෂ අවස්තාවක් අවස්ථාවක් හිමි කර දෙන බව ද විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ඔවුන් රැකියා ගත කිරීමට පෙර නොමිලේ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ පුහුණුවක් ලබාදෙන බවද එම කාර්යාංශය සඳහන් කරයි.

ලැබෙන අයදුම්පත් අතරින් ලොතරැයි ක්‍රමයට 100 දෙනෙකු තෝරා ගන්නා බව ද විදේශ රැකියා නියුක්ති කාර්යංශය කියයි.

ඊශ්‍රායලයේ නිවාස ආශ්‍රිත සාත්තු සේවය සඳහා අයදුම් කිරීමට කැමැත්තක් දක්වන කාන්තාවන්ට සිය අයදුම්පත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කොළඹ ශාඛාවට හෝ ප්‍රාදේශීය ශාඛා වෙත යොමු කළ හැකි බවද එම කාර්යංශය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here