Home උණුසුම් පුවත් සතොස ලොක්කෙකුගේ වුවමනාවට නරක් වූ අර්තාපල් තොගයක් මිලදී අරන්

සතොස ලොක්කෙකුගේ වුවමනාවට නරක් වූ අර්තාපල් තොගයක් මිලදී අරන්

සතොස ලොක්කෙකුගේ වුවමනාවට නරක් වූ අර්තාපල් තොගයක් මිලදී අරන්

ලංකා සතොස ආයතනය විසින් රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් ගෙවා මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් තොගයක් මිලදීගෙන ඇතැයි වාර්තා වේ.

පෞද්ගලික ආනයනකරුවෙකුගෙන් පකිස්ථානයෙන් ආනයනය කරන ලද අර්තාපල් කිලෝ 30,000ක් එලෙස මිලදී ගෙන ඇති අතර ඒවා මේ වන විට රත්මලාන සතොස ආයතනයට අයත් රත්මලාන තොග ගබඩාවේ ගබඩා කර තිබෙන බව ද වාර්තා වේ.

ලංකා සතොස ආයතනයේ ඉහළ තනතුරක් දරණ නිලධාරියකුගේ අවශ්‍යතාව මත වැරදි ආකාරයට තත්ව පරීක්ෂණ වාර්තා සකස් කොට එම ජාවාරම සිදුකර ඇති බවද ලංකා සතොස ආරංචි මාර්ග සඳහන් කරයි.

උඩරට මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද ලංකා සතොස ආයතනයේ සේවකයෝ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here