Home උණුසුම් පුවත් නැන්සිගෙ ගමන හෙළාදැක්ක චීනය දැන් කරන්න යන දේ..

නැන්සිගෙ ගමන හෙළාදැක්ක චීනය දැන් කරන්න යන දේ..

0
නැන්සිගෙ ගමන හෙළාදැක්ක චීනය දැන් කරන්න යන දේ..

චීන මහජන විමුක්ති හමුදාව මුහුදු සහ ගුවන ආවරණය වන පරිදි හෙට (04) දින යුද පුහුණුවක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

එය බෙයිජිං වේලාවෙන්, අගෝස්තු 4 වැනිදා දහවල් 12.00 සිට 7 වැනිදා දහවල් 12.00 දක්වා පැවැත්වෙයි.

සජීවී වෙඩි තැබීම් ක්‍රියාත්මක වන නිසා ආරක්ෂාව උදෙසා මෙම කාලය තුළ මෙහෙයුම් ක්‍රියාත්මක මුහුදු ප්‍රදේශවලට හා ගුවන් අවකාශයන්ට වෙනත් නෞකා හෝ ගුවන් යානා ඇතුළු නොවිය යුතු බව දැනුම් දී තිබේ.

එය නොනිල වශයෙන් දැනට තායිවානයට නුදුරින් නවතා ඇති අමෙරිකානු යුද නෞකාවලට අනතුරු ඇගවීමකි. එමෙන්ම අදාළ වේලාව වනවිට එම කලාපයෙන් නික්ම යාමට කරණ අණ කිරීමකි.

මේ අතර තම විරෝධතාව නොතකා නැන්සි පෙලෝසි තායිවානයේ සංචාරය කිරීම චීනය තරයේ හෙළාදකී.

ඇමරිකානු කොංග්‍රසයේ කතානායක නැන්සි පෙලොසි තම රටේ දැඩි විරෝධතාව නොතකා, චීන තායිවාන ප්‍රදේශයේ සංචාරය කිරීම චීනය තරයේ හෙළා දකිමින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

චීන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

නැන්සි පෙලොසිගේ තායිවාන සංචාරයෙන් “එකම චීනය” ප්‍රතිපත්තිය සහ චීන- ඇමරිකානු ඒකාබද්ධ නිවේදන තුන බරපතල ලෙස උල්ලංඝනය කර ඇතැයි එම නිවේදනයේ දැක්වේ.

එසේම, චීන-ඇමරිකානු සමිබන්ධතාවේ දේශපාලන පදනමට දැඩි පහරක් එල්ල කරන මෙම සංචාරය චීනයේ ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාව දැඩිව උල්ලංඝනය කළ බව ද එහි සඳහන් ය.

තායිවාන සමුද්‍රසන්ධි දෙපස සාමය සහ ස්ථාවරත්වය කඩාකප්පල් කරන එම ක්‍රියාව මගින් තායිවාන බෙදුම්වාදි බලවේගයට වැරදි සංඥාවක් නිකුත් කර ඇති බව චීනය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here