Home උණුසුම් පුවත් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට රෑට වතුර නෑ

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට රෑට වතුර නෑ

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට රෑට වතුර නෑ

කොළඹ ප්‍රදේශ 4කට හෙට (30) සෙනසුරාදා රාත්‍රී 9.00  සිට අනිද්දා (31) ඉරිදා පෙරවරු 8.00  දක්වා  පැය 11 ක කාලයක් ජලය සැපයීම අත්හිටුවන බව ජාතික  ජල සම්පාදන හා ජල  පවහන මණ්ඩලය පවසයි.

මෙසේ ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ කොළඹ 9, කොළඹ 10, කොළඹ 11 සහ කොළඹ 12  ය.

මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන  විසින්  සම්ප්‍රේෂණ ජල නළ පද්ධතියේ කරනු ලබන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන්  ජල සැපයුම මෙසේ අත්හිටුවන බව  මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

ජල සැපයුම විසන්ධි කිරීමේ හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් කනගාටුව පළ කරන මණ්ඩලය ජලය කල්තබා රැස්කර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here