Home උණුසුම් පුවත් රෝහල් ගිලන් රථවලටවත් තෙල් නෑ – GMOA

රෝහල් ගිලන් රථවලටවත් තෙල් නෑ – GMOA

රෝහල් ගිලන් රථවලටවත් තෙල් නෑ – GMOA

ඉන්ධන අර්බුදය උග්‍ර වීමෙන් මුළු සෞඛ්‍ය පද්ධතියම කඩා කඩාවැටීමේ බරපතළ තත්ත්වයක් හටගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

ගිලන් රථ සඳහාවත් ඉන්ධන සපයා දීමට නොහැකි වී ඇති අතර ඖෂධ ප්‍රවාහනය කඩා වැටී විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇතැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

ඉන්ධන නොමැති නිසා වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය වෘත්තිකයින්ට රාජකාරියට වාර්තා කිරීමට පවා නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි ඔහු කීය.

වව්නියාව, මොනරාගල, සියඹලාණ්ඩුව, කුරුණෑගල සහ ගල්ගමුව වැනි පර්යන්ත රෝහල රෝහල් ගණනාවකම ඉන්ධන අර්බුදය බරපතළ වී ඇතැයිද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය සේවයේ බොහෝදෙනා නිවෙස් වල සිට රාජකාරි කරන පසුබිමක ප්‍රායෝගිකව එසේ කළ නොහැකි දිනපතා සේවයට වාර්තා කළ යුතු සෞඛ්‍ය වෘත්තිකයින්ට ඉන්ධන ලබා දීමේදී ලැබෙන ප්‍රමුඛතාවය කුමක්ද යන්න පිළිබඳ බලධාරීන් වහා රටට හෙළි කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here