Home උණුසුම් පුවත් ජනපති ඡන්දයේ ෆොටෝ ගත්තොත් මන්ත්‍රීලාට වෙන දේ..

ජනපති ඡන්දයේ ෆොටෝ ගත්තොත් මන්ත්‍රීලාට වෙන දේ..

ජනපති ඡන්දයේ ෆොටෝ ගත්තොත් මන්ත්‍රීලාට වෙන දේ..

නව ජනාධිපතිවරයා තෝරා ගන්නා ඡන්ද විමසීමේදී  තම ඡන්දය ඡායාරූපගත කිරිමෙන් වළකින ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  සියලුම මන්ත්‍රීවරුන්ගෙන්  ඉල්ලීමක් කරයි.

යම් හෙයකින් ජනාධිපති තොරාගන්නා ජන්ද විමසිමේදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම ජන්දය ජායාරූප ගත කළහොත්  ඔවුන්ට පාර්ලිමේන්තු  මන්ත්‍රී ධුරයක අසුන් ගැනිම වසර 7කට අහිමි කිරීමට හෝ මාස හයක සිර දඬුවමකට යටත් කිරීමකට හෝ  නීතිමය ප්‍රතිපාදන පවතින බව පැව⁣සේ.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සදහා හෙට  (20) පැවැත්වෙන ඡන්ද විමසීම සියලු නීති රීති වලට අනුගත වෙමින් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් සාර්ථකව අවසන් කර ගැනීම සදහා සියලු පක්ෂවල සහය අපේක්ෂා කරන බවද  කතානායකවරයා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here