Home උණුසුම් පුවත් රනිල්ට සහයදෙනවා කීවේ මොන පදනමින්දැයි පොහොට්ටු සභාපති මහලේකම්ගෙන් අසයි

රනිල්ට සහයදෙනවා කීවේ මොන පදනමින්දැයි පොහොට්ටු සභාපති මහලේකම්ගෙන් අසයි

0
රනිල්ට සහයදෙනවා කීවේ මොන පදනමින්දැයි පොහොට්ටු සභාපති මහලේකම්ගෙන් අසයි

ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ලබාදෙන බවට එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂ සභාපතිවරයා වන ජී.එල්. පීරිස් මහතා විසින් කරුණු විමසීමක් කර තිබේ.

ඒ එම පක්ෂ ව්‍යවස්ථාවට අනුව සිය පක්ෂයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් වන අවස්ථාවේදී ඔහුට සහය දැක්වීමට කරුණු යෙදී තිබියදී වෙනත් පාර්ශවයක අපේක්ෂකයෙකුට සහය දක්වන බවට සාගර කාරියවසම් මහතා කළ ප්‍රකාශය කුමන පදනමක් මත සිදුකළාද ද යන්න විමසමිනි.

එමෙන්ම පක්ෂයේ මතයක් ලෙස සිදු කළ එම ප්‍රකාශයට හේතු පාදක වූ පසුබිම පුද්ගලයන් පිළිබඳව ද සභාපතිවරයා සාගර කාරියවසම් මහතාට ලිපියක් යවමින් විමසා තිබේ.

නව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේ දී පොදුජන පෙරමුණේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බවට සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර තිබුණේ එම පක්ෂයෙන් ඩලස් අලහප්පෙරුම මහතා ද තරඟයට ඉදිරිපත් වන බවට ප්‍රකාශ කර තිබෙන පසුබිමකදී ය.

එම ලිපිය පහත දැක්වේ.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/Sagara-KariyawasamSinhala.pdf” title=”Sagara Kariyawasam(Sinhala)”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here