Home උණුසුම් පුවත් රටවල් 4කට තැපැල් භාණ්ඩ යවන්න භාරගන්නේ නෑ

රටවල් 4කට තැපැල් භාණ්ඩ යවන්න භාරගන්නේ නෑ

රටවල් 4කට තැපැල් භාණ්ඩ යවන්න භාරගන්නේ නෑ

නැවත දැනුම් දෙන තෙක් රටවල් කිහිපයක් සඳහා තැපැල් භාණ්ඩ භාර ගැනීම අත්හිටවූ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කරයි.

ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්තය, රැසියාව,ඊශ්‍රායලය යන රටවල් සඳහා තැපැල් භාණ්ඩ භාරගැනීම අත්හිටවූ බව තැපැල්පතිවරයා පවසයි.

කෙසේ වෙතත් මෙම ගමනාන්ත සඳහා ගුවන් තැපැල් ප්‍රවාහනය නැවත ආරම්භ කිරීම සඳහා විදේශීය ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙරටට පැමිණෙන ගුවන් ගමන් සීමාවීම හේතුවෙන් මෙම තීරණය ගත් බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here