
ඉන්දියාව තුල ව්‍යාජ අයි.පී.එල්. තරඟාවලියක් පවත්වමින් විදෙස් ඔට්ටු තබන්නන්ගෙන් විශාල මුදලක් වංචා කළ සංවිධානාත්මක කල්ලියක් ඉන්දීය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව මෙම පිරිස විසින් අත් අඩංගුවට පත්වන විට ඉන්දීය රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් මෙම ව්‍යාජ ක්‍රිකට් තරඟාවලියෙන් උපයාගෙන ඇති බවට එරට පොලිසිය අනාවරණය කරයි.
අදාල කල්ලිය විසින් ඉන්දියාවේ ගුජරාට් හී අස්වැන්න නෙලා ගත් කුඹුරක මෙම තරඟය පවත්වා ඇත. ඒ සඳහා ක්‍රීඩකයින් වශයෙන් කම්කරුවන් යොදාගෙන ඇත. මෙම කම්කරුවන් අයි.පී.එල් තරඟාවලිය නියෝජනය කරන සෑබෑ කණ්ඩායම් පළදින ඇඳුම්වන වලට සමාන ඇදුම් වලින් සැරසී සිර ඇත.
මෙහිදී තරඟයේ විනිසුරුවරුන් ලෙසද කම්කරුවන් යොදාගෙන ඇති අතර ඔවුන්ට ලබාදෙන උපදෙස් අනුව හයේ පහරවල්, හතරේ පහරවල් සහ කඩුළු බිද වැටීම් වලට අදාල සංඥා දීම සිදුකර ඇත.
මෙම තරඟ වලට සහභාගී වූ සෑම කම්කරුවෙකුටම එක තරඟයටක ඉන්දීය රුපියල් 400ක මුදලක් ගෙවා ඇති බවට අනාවරණය වේ. එමෙන්ම මෙම තරඟ අයි. පී. එල් නමින් සැකසූ යූ ටියුබ් නාලිකාවක සජීවීව විකාශණය කර ඇත. එහෙත් සියලුම තරඟ එක් කෝණයකින් පමණක් විකාශය කර ඇති අතර කිසිම අවස්ථාවක වෙනත් කෝණයකින් තරඟයේ දර්ශණ විකාශණය කර නොමැත.
අදාල කල්ලිය විසින් ප්‍රකට ඉන්දීය ක්‍රිකට් විස්ථර විචාරකයකු වන හර්ෂා බෝග්ලේගේ කටහඬට සාමන පුද්ගලයෙකුද විස්තර විචාරයට යොදාගෙන තිබීමද විශේෂත්වයකි.
මෙම තරඟවලට අදාල ඕට්ටු තැබීම් ටෙලිග්‍රෑම් ඔස්සේ සිදුකර ඇති අතර එය ඉතා සූක්ෂම සති තුනක කාලයක් සිදුකර ඇත. එහිදී මෙම තරඟාවලිය අවසාන පූර්ව වටය තෙක් පවත්වා ඇති අතර පොලිසයට පැමිණෙන තෙක්ම එය ඉතා සූක්ෂම පවත්වා ඇත.