
මෙම සතිය තුළ ඉන්ධන නෞකා තුනක් කොළඹට ළගාවීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
ඒ අනුව ඩීසල් රැගත් නෞකාවක් හෙට (12) සිට 15 වැනිදා අතර කාලයේ ද, බොරතෙල් නෞකාවක් මේ මස 14 සහ 16 අතර කාලයේ ද, දැවිතෙල් නෞකාවක් මේ මස 15 සහ 17 අතර කාලයේ ද, ළගාවීමට නියමිත බවත් ඔහු සඳහන් කළා.
එම නෞකා කොළඹට පැමිණීමෙන් පසු මුදල් ගෙවිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
මේ මස 17 සහ 19 අතර කාලයේ ළගාවීමට නියමිත පෙට්‍රල් නෞකාව සඳහා ඉතිරි මුදල් හෙට (12) ගෙවිය යුතු බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.
ඉන්දියාවේ ණයට ගත් ඉන්ධන ඩොලර් මිලියන් 500 ක් විකුණුම් කර මුදල් තියනවා නේ?