Home උණුසුම් පුවත් යුක්‍රේන සාප්පු සංකීර්ණයකට රුසියානු මිසයිල ප්‍රහාරයක්

යුක්‍රේන සාප්පු සංකීර්ණයකට රුසියානු මිසයිල ප්‍රහාරයක්

0
යුක්‍රේන සාප්පු සංකීර්ණයකට රුසියානු මිසයිල ප්‍රහාරයක්

යුක්‍රේනයේ ක්‍රෙමෙන්චොක් නගරයේ සිවිල් වැසියන්ගෙන් පිරී තිබූ සාප්පු සංකීරණයකට රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ලවී ඇති බවට යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සොලෙන්ස්කි චෝදනා කරයි.

ජනාධිපති සොලෙන්ස්කි පවසන අන්දමට මිසයිල ප්‍රහාරය එල්ලවන විට සාප්පු සංකීරණයේ සිවිල් වැසියන් දහසකට අධික පිරිසක් සිට තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට ප්‍රහාරයෙන් සිවිල් වැසියන් දෙදෙනෙකු මරණයටපත්ව තවත් විසි දෙනෙකු තුවාල ලබා ඇත.

මීට පෙරද ක්‍රෙමෙන්චොක් නගරයට රුසියානු මිසයිල ප්‍රහාර එල්ලවූ අතර එහිදී නගරයේ පිහිටි තෙල් පිරිපහදු පර්යන්තයකට තවත් යටිතල පහසුකම් සැපයීම කළ ස්ථාන කිහිපයක් විනාශයට පත්විය.

මේවන විටත් විපතට පත් පිරිස් හට අවශ්‍ය සහන සැලසීමට බලධාරීන් එක්ව සිටින බවද බටහිර මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here