Home උණුසුම් පුවත් සජබයේ විරෝධතා සතියට සියලු පක්ෂවලට ඇරයුම්

සජබයේ විරෝධතා සතියට සියලු පක්ෂවලට ඇරයුම්

සජබයේ විරෝධතා සතියට සියලු පක්ෂවලට ඇරයුම්

සර්වපාක්ෂික ආණ්ඩුවක් සෑදීම සඳහා ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට සිය තනතුරුවලින් ඉවත්වන ලෙසට බලකරමින් ලබන සතියේදී විරෝධතාවයක නිරතවීමට සමඟි ජන බලවෙිගය තීරණය කරයි.

ඒ අනුව එළඹෙන සතිය විරෝධතා සතියක් ලෙස නම් කිරීමට එම පක්ෂය තීරණය කර ඇත.

ලබන සඳුදා දින උදෑසන පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මහා ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් පවත්වා එම සතියේ පැවැත්වෙන විරෝධතා ගැන ජනතාව දැනුවත් කිරීමට නියමිත බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය.

මෙම විරෝධතාවන්ට සෙසු පක්ෂවලටත් ආරාධනා කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සාකච්ජාවක් අද (18) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණ අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ.

2019 යහපාලන ආණ්ඩුව විසින් රට යළි බාරදෙන විට මෙවැනි ආර්ථික තත්ත්වයක් රට තුළ නොපැවති බවත් වත්මන් ජනධිපතිවරයා බලයේ සිටින තාක්කල් මෙරටට ලෝක ආධාර හිමි නොවන බවද හෙතෙම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here