Home උණුසුම් පුවත් ඖෂධ හිඟය සම්පුර්ණයෙන්ම සති 6කින් අවසන්

ඖෂධ හිඟය සම්පුර්ණයෙන්ම සති 6කින් අවසන්

ඖෂධ හිඟය සම්පුර්ණයෙන්ම සති 6කින් අවසන්

ඉදිරි සති 6 ඇතුළත රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්පුර්ණයෙන්ම මගහරවා ගැනීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, ඖෂධ ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය මුදල් මේ වනවිට ලැබී ඇති බවය.

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 14 ක් මේ වනවිට අවශ්‍ය ප්‍රමාණයටම පවතින බව ඔහු ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ තවත් ඖෂධ වර්ග 186 ක හිඟයක් ඇති බවයි.

එම ඖෂධ වර්ග ද කඩිනමින් ගෙන්වා ගන්නා බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here