Home උණුසුම් පුවත් ඉහළ ගිය බදු නිසා ඉදිරියේ භාණ්ඩ ගණනාවක මිල ඉහළට

ඉහළ ගිය බදු නිසා ඉදිරියේ භාණ්ඩ ගණනාවක මිල ඉහළට

ඉහළ ගිය බදු නිසා ඉදිරියේ භාණ්ඩ ගණනාවක මිල ඉහළට

ඉදිරියේදි සිමෙන්ති කොට්ටයක මිල ඉදිරියේදී රුපියල් 4000 සීමාව ඉක්මවා යනු ඇති බව ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා සඳහන් කළේ වැට් බද්ද ඇතුළු බදු වර්ග කිහිපයක් ඉහළ යාමත් සමඟ මෙසේ සිමෙන්ති මිල ඉහල යනු ඇති බවයි.

මේ අතර, මෙරට ප්‍රධාන පෙළේ රසකැවිලි නිශ්පාදන සමාගම් සියළු නිශ්පාදනවල මිල ඉහළ දමා තිබේ.
 
ඒ අනුව එම සමාගම්වල ටොෆියක අවමය මිල රු. 10/-ක් ලෙසත් චොකලට්ටුවක අවම මිල රු. 80/-ක් ලෙසත් මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

බදු වර්ග ඉහළයෑම හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දී අනිවාර්යයෙන්ම කිරිපිටි මිල නැවත වතාවක් ඉහළ දැමීමට සිදුවන බව දේශීය සහ විදේශීය කිරිපිටි සමාගම් සඳහන් කරයි.

දැනට වෙලදපලේ ආනයනික ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක් රුපියල් 1020 ක මිලකටත්, කිලෝග්‍රෑමයක පැකට්ටුවක් රුපියල් 2,545 කට දැනට අලෙවි කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here