
ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ජාත්‍යන්තර ප්‍රජාවෙන් කළ ඉල්ලීමකට අනුව මෙරට ජනතාවට ලබාදීම සඳහා ආහාර, ඖෂධ සහ මූල්‍යාධාර ලැබෙමින් තිබෙන බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ මහතා පැවසීය.
මේ වන විට අන්තර්ජාතික රතු කුරුස සහ රතු අඩසඳ සම්මේලනය ස්විස් ෆ්‍රෑන්ක් ලක්ෂ 7ක මුදලක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 27 ක පමණ මුදලක් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන බවද සභාපතිවරයා කීය.
අඩු ආදායම්ලාභී පවුල් 4000කට රුපියල් 20,000ක් බැගින් මූල්‍ය ආධාර ලබාදීම පාසල් ළමුන් 5000කට රුපියල් 5000ක් වටිනා පාසල් උපකරණ ලබාදීම සහ හදිසි ප්‍රථමාධාර ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ආරම්භ කර තිබෙන බවද ජගත් අබේසිංහ මහතා කීය.
සිංගප්පූරු රතු කුරුස සමාජය සහ චීන රතු කුරුස සමාජය දැනටමත් පීඩාවට පත් පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර තොගයක් මෙරටට ලබා දී තිබෙන බවද ඔහු කීය.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාවට මානුෂීය ආධාර සපයන ලෙස ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබෙන බව ද ජගත් අබේසිංහ මහතා සඳහන් කළේය.