Home උණුසුම් පුවත් අමාත්‍යාංශ ලේකම් තනතුරුවලට විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් එපා

අමාත්‍යාංශ ලේකම් තනතුරුවලට විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් එපා

අමාත්‍යාංශ ලේකම් තනතුරුවලට විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් එපා

සියලුම අමාත්‍යාංශ සඳහා ලේකම්වරුන් පත් කිරීමේ දී සුදුසුකම් සහිත සක්‍රීය සේවයේ නියුතු ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පත්කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි.
 
එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් අමාත්‍යාංශ ලේකම් තනතුරු සදහා පත් නොකරන ලෙසයි.

එම තනතුරු සදහා පත් කරන නිලධාරීන් විසින් ගන්නා සෑම තීරණයකටම රටේ පුරවැසියන් වෙත වගකිවයුතු බව එම සංගමයේ ස්ථාවරයයි.

එමෙන්ම ඉකුත් සමයේ විශ්‍රාමික නිලධාරීන් පත් කළ කිසිදු අමාත්‍යාංශයක හෝ ආයතනයක කැපීපෙනෙන කාර්යසාධනයක් සිදුවී නොමැති බවද ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here