Home උණුසුම් පුවත් සජ‍‍බෙට බැරි නම් අපි ගන්නවා – අගමැතිකමට නම් 3ක්

සජ‍‍බෙට බැරි නම් අපි ගන්නවා – අගමැතිකමට නම් 3ක්

සජ‍‍බෙට බැරි නම් අපි ගන්නවා – අගමැතිකමට නම් 3ක්

අග්‍රාමාත්‍ය ධූරය සඳහා නම් තුනක් ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යෝජනා කිරීමට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය විජයදාස රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම සහ නිමල් සිරිපාල ද සිල්වා මහත්වරුන්ගේ නම් එහිදී යෝජනා වී ඇත.

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය අග්‍රාමාත්‍ය තනතුර බාරගන්නේ නැති නම්  ආණ්ඩු පක්ෂයෙන් ස්වාධීන වූ කණ්ඩායම එය ගැනීමට තීරණය කර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ටිරාන් අලස් මහතාගේ නිවසේ පැවැති රැස්වීමකදී එම තිරණය ගෙන ඇත.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර, විජයදාස රාජපක්ෂ, උදය ගම්මන්පිල, ටිලාන් අලස් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගීවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here