Home උණුසුම් පුවත් ජනපතිගෙන් සජිත්ට ඇමතුමක්

ජනපතිගෙන් සජිත්ට ඇමතුමක්

ජනපතිගෙන් සජිත්ට ඇමතුමක්

අග්‍රාමාත්‍ය ධූරය බාරගෙන නව ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (7) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දුරකතන ඇමතුමක් මගින් දැනුම් දී ඇතැයි වාර්තාවේ.

යම්හෙයකින් අගමැතිකම බාර නොගන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 113ක බහුතරයකගේ අත්සන් ගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් සම්මත කරන ලෙසත් එවිට තමන් පාර්ලිමේන්තු විසුරුවා හැරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා විසින් සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී ඇතැයිද වාර්තා වේ.
 
තමන් තනි තීන්දු නොගන්නා බවත්, මන්ත්‍රී කණ්ඩායම කැදවා ඒ සම්බන්ධයෙන් සාකච්ජා කර පිළිතුරු ලබාදිය හැකි බව විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයාට පවසා ඇතැයිද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here