Home උණුසුම් පුවත් රජයේ පාසල්වල අද ලෙඩවූ ගුරුවරුත් නෑ සිසුනුත් නෑ

රජයේ පාසල්වල අද ලෙඩවූ ගුරුවරුත් නෑ සිසුනුත් නෑ

රජයේ පාසල්වල අද ලෙඩවූ ගුරුවරුත් නෑ සිසුනුත් නෑ

රජයේ පාසල්වලට අද දිනයේ දී ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ පැමිණීම ඉතා අඩු මට්ටමක පැවති බව වාර්තා විය.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ක්‍රියාත්මක කළ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ගුරුවරුන් විදුහල්පතිවරුන් පමණක් නොව පාසල් සිසුන්ගේ ද පැමිණීම ඉතා අඩු මට්ටමක පැවති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

රට පුරා සියලුම පාසල්වල සිසුන්ගේ පැමිණීම 10%ක තරම් අඩු ප්‍රමාණයක් බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ, ගාල්ල, මහනුවර, කුරුණෑගල, මාතර ඇතුළු දිවයිනේ ප්‍රධාන නගරවල පිහිටි ජනප්‍රිය පාසල්වල මෙන්ම ග්‍රාමීය පාසල්වල ද අද දිනයේ දී ගුරුවරුන් හා විදුහල්පතිවරුන් මෙන්ම සිසුන්ගේ පැමිණීම ද ඉතාම අඩු මට්ටමක පැවති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පිළිබඳව කළ විමසීමකදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වර්ජනය 100%ක් සාර්ථක වූ බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here