Home උණුසුම් පුවත් හෙට සිට රටපුරා සතියක් හර්තාල්

හෙට සිට රටපුරා සතියක් හර්තාල්

හෙට සිට රටපුරා සතියක් හර්තාල්

හෙට (20) සිට රටපුරා සතියක කාලයක් හර්තාල් ව්‍යාපාරයක් දියත් කරන බව වෘත්තීය සමිති තුන්සියයකට අධික සංඛ්‍යාවකින් සමන්විත වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සඳහන් කරයි.

ඒ අනුව හෙට සිට ලබන 28 වන දක්වා දිවයින පුරා සෑම නගරයකම ජනතාව එක් වී මහජන අරගලයට සහය දක්වමින් විරෝධතාවල නිරත වීමට තීරණය කර ඇතැයි වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුව වෙනුවෙන් රවි කුමුදේශ් මහතා පැවසීය.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයට අයත් සියළු ක්ෂේත්‍ර නියෝජනය කර වෘත්තීය සමිති තුන්සියයකට අයත් පිරිස් සතියක කාලයක් හර්තාල් ව්‍යාපාරයක යෙදෙන අතර ඉන්පසුව 28 වැනි දින සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බවද ඔහු කීය.

රජය ජන මතයට ජනමතයට ගරු කරමින් තීන්දු ගන්නා තෙක් අඛණ්ඩව වෘත්තිය සමිති ක්‍රියාමාර්ග හා විරෝධතා දියත් කරන බවද කුමුදේශ් මහතා කීය.

බදාදා ජාතික විරෝධතා දිනයක් ලෙස සලකා කටයුතු කරන්නේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here