Home උණුසුම් පුවත් ශාන්ත බණ්ඩාරට ශ්‍රීලනිප සාමාජිකත්වයත් අහිමි වෙන ලකුණු

ශාන්ත බණ්ඩාරට ශ්‍රීලනිප සාමාජිකත්වයත් අහිමි වෙන ලකුණු

ශාන්ත බණ්ඩාරට ශ්‍රීලනිප සාමාජිකත්වයත් අහිමි වෙන ලකුණු

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාරගේ පක්‍ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අවධානය යොමුව ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරියේදී පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී ඒ පිළිබද සාකච්ඡා කරන බවද එම ආරංචි මාර්ග පවසයි.

ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබියදී ශාන්ත බණ්ඩාර මහතා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ ඉකුත්දා දිව්රුම් දුනි.

ඒ හේතුවෙන් ශාන්ත බණ්ඩාර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දැරූ සියළු තනතුරුවලින් ඉවත් කිරීමටද එම පක්ෂය ඉකුත්දා කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here