Home උණුසුම් පුවත් මැතිසබේ 225 දෙනාගේ හෘද සාක්ෂිය දැනගන්න හැටි මනෝ කියයි

මැතිසබේ 225 දෙනාගේ හෘද සාක්ෂිය දැනගන්න හැටි මනෝ කියයි

මැතිසබේ 225 දෙනාගේ හෘද සාක්ෂිය දැනගන්න හැටි මනෝ කියයි

පවතින දේශපාලන අර්බුදයට හොඳම විසඳුම 20 වන සංශෝධනය අහෝසි කර 19 වන සංශෝධනය බලාත්මක කිරීම යැයි දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

20 සංශෝධනය අහෝසි කිරීම සඳහා 21 වැනි සංශෝධනය කළ යුතු බවට මනෝ ගනේෂන් මහතාගේ ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.

මනෝ ගනේෂන් මහතාගේ ට්විටර් පණිවිඩයේ මෙසේ ද සඳහන් වේ.

“20 සංශෝධනය ඉවත් කරලා 19 වැනි සංශෝධනය සම්මත කරගෙන ජනාධිපති බලතල ඉවත් කළ යුතුයි. 21 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගනිමු. එම ඡන්දයේදී මන්ත්‍රීවරු මන්ත්‍රීවරුන් 225 දෙනාගේ හෘද සාක්ෂිය දැනගත හැකියි. රටේ ජනතාවටත් එළියෙ සටන් කරන ජනතාවටත් මන්ත්‍රීවරුන් ගැන එවිට දැනගත හැකිවේවි.” යැයි පණිවිඩයේ සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here