Home උණුසුම් පුවත් ජර්මනිය අලුත් මිසයිල ආරක්ෂණ පද්ධතියක් මිලදී ගන්න සැරසෙයි

ජර්මනිය අලුත් මිසයිල ආරක්ෂණ පද්ධතියක් මිලදී ගන්න සැරසෙයි

0
ජර්මනිය අලුත් මිසයිල ආරක්ෂණ පද්ධතියක් මිලදී ගන්න සැරසෙයි

රුසියාව යුක්‍රේන ගැටුම් තවදුරටත් වර්ධනය වන පසුබිමක ජර්මනිය විසින් නවීනතම මිසයිල ආරක්ෂන පද්ධතියක් මිලදී ගැනීමට සැලසුම් කර ඇත.

ඒ අනුව මේ වන විට මිසයිල ආරක්ෂණ පද්ධතියක් ලබා ගැනීමට සලකා බලමින් සිටින බව ජර්මන් චාන්සලර්වරයා ප්‍රකාශ කර තිබේ.

එහිදී ජර්මන් චාන්සලර්වරයා පවසා ඇත්තෙ විශාල පරාසයකට ආරක්ෂාවක් සැපයීමට හැකියාව පවතින මිසයිල ආරක්ෂණ පද්ධතියක් ලබා ගැනිමට බලාපොරොත්තු වන බවයි.
“අපේ අසල්වැසියා ඔහුගේ අවශ්‍යතා සපුරාගැනීමට ප්‍රචන්ඩත්වය යොදා ගැනීමට පවා සූදානම් බව අපි අවබෝධ කරගෙන සිටිය යුතුයි.” යනුවෙන්ද චාන්සලර්වරයා පවසා ඇත.

මේ අතර ජර්මානු පුවත්පවතක් වාර්තා කර ඇත්තෙ චාන්සලර්වරයා සහ එරට ආරක්ෂක ප්‍රධානීන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවත් එහිදී ඊශ්‍රායලයේ ඇරෝ 3 මිසයිල ආරක්ෂණ පද්ධතිය පිළිබඳ අවධානය යොමු වී ඇති බවයි.

එසේම ජර්මන් රජය සිය ආරක්ෂක වියදම සියයට දෙකකින් එනම් යුරෝ බිලියන 100කින් ඉහළ දැමීමට තීරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here