Home උණුසුම් පුවත් ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීම ගැන ඇමරිකාව කිව්ව අමුතු කතාව

ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීම ගැන ඇමරිකාව කිව්ව අමුතු කතාව

0
ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීම ගැන ඇමරිකාව කිව්ව අමුතු කතාව

ඉන්දියාව විසින් රුසියාවෙන් අඩුමිලට බොරතෙල් මිලදී ගැනීම ආර්ථික සම්බාධක උල්ලංඝණය කිරීමක් නොවුනත් රුසියානු යුක්‍රේන ගැටුමේදී තමන් සිටින ස්ථානය පිළිබඳ අවබෝධයෙන් සිටිය යුතු බවට ඇමරිකානු රජය පවසයි.

ඇමරිකාවේ ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ධවල මන්දිර ප්‍රකාශිකාව වන ජෙන් සාකිගෙන් ඉන්දියාව රුසියාවෙල් බොරතෙල් මිලදී ගැනීම පිළිබඳ කළ විමසීමකදී මේ බව ප්‍රකාශ කර තිබේ.

‟මෙම සිදුවෙීමේදී ඔබට ඉතිහාස පොත් වල හිමිවෙන ස්ථානය ගැන අවබෝධයෙන් සිටිය යුතුයි. රුසියානු නායකත්වයට දක්වන සහයෙන් අරුත් ගැන්වෙන්නේ යුක්‍රේන අක්‍රමණයට සහයදීමක් ලෙසයි.” යනුවෙන් ස්කා මාධ්‍යවේදීන් වෙත පවසා ඇත.

මේ අතර ඉන්දීය තෙල් සමාගම විසින් රුසියාව සහනදායී මිලකට ලබාදුන් ඉන්ධන බැරල් ලක්ෂ තිහයක් මිලදීගෙන ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙහිදී ඉන්දීය තෙල් සමාගම බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 20ත් 25ත් අතර මිලකට මිලදීගෙන ඇති බවටද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here