Home උණුසුම් පුවත් විදුලි මිලත් නගින ලකුණු

විදුලි මිලත් නගින ලකුණු

විදුලි මිලත් නගින ලකුණු

වැඩිවන ඉන්ධන මිලට සාපේක්ෂව විදුලිය නිෂ්පාදනයේදී වැයවන පිරිවැය පියවා ගැනීමේ අරමුණින් විදුලි මිල වැඩිකිරීම සම්බන්ධයෙන් යෝජනා සකස් කරමින් පවතින බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක, අතිරේක සමාන්‍යාධිකාරි ඇන්ඩෘ නවමුනී මහතා සඳහන් කළේ, එම යෝජනාව මහජන උපයෝගිතා කොමිසම මගින් රජය වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බවයි.

දැනට විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා සාමාන්‍යයෙන් රුපියල් 16 ක් වැනි මුදලක් අයකරන බව ඔහු සඳහන් කළේය.

එහෙත්, ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ විදුලිය ඒකකයක් නිෂ්පාදනයට ඊට වැඩි ඉහළ පිරිවැයක් දැරීමට මණ්ඩලයට මේවනවිට සිදුව ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here