Home උණුසුම් පුවත් යුක්‍රේන ආරක්ෂක අංශ වලට එරට බලය අතට ගන්නා ලෙස පුටින් ඉල්ලයි

යුක්‍රේන ආරක්ෂක අංශ වලට එරට බලය අතට ගන්නා ලෙස පුටින් ඉල්ලයි

0
යුක්‍රේන ආරක්ෂක අංශ වලට එරට බලය අතට ගන්නා ලෙස පුටින් ඉල්ලයි

යුක්‍රේන ආරක්ෂක අංග බලය සියතට ගත යුතු බව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් පවසයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් යුක්‍රේන දේශපාලඥයින්ට වඩා පහසුවෙන් ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කළ හැකි බවද පුටින් සඳහන් කරයි.

රුසියානු ආරක්ෂක කවුන්සිලය සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරදී පුටින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී රුසියානු ජනාධිපතිවරයා යුක්‍රේන රජය සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස යොදාගන්නා බවත් එම ක්‍රියාව නාසින්ට සමාන කර ඇත.

යුක්‍රේන හමුදා විසින් එරට රජය ළමුන් සහ කාන්තාවන් මිනිස් පලිහක් ලෙස භාවිතා කිරීම වලාක්වාලීමට පියවර ගත යුතු බවද රුසියානු ජනාධිපතිවරයා සඳහන් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here