Home දේශීය පුවත් දේශපාලනය ජීවන් කුමාරතුංග SLFP තනතුරු වලින් අස්වෙයි

ජීවන් කුමාරතුංග SLFP තනතුරු වලින් අස්වෙයි

ජීවන් කුමාරතුංග SLFP තනතුරු වලින් අස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන් දැරෑ සියලුම තනතුරුවලින් ඉල්ලා අස්වන බව එම පක්ෂයේ උප සභාපති, කැස්බෑව ආසන්නයේ ප්‍රධාන සංවිධායක, හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් අද (22) ප්‍රකාශ කළා.

එහිදී ඔහු සදහන් කර සිටියේ පක්ෂයේ වත්මන් නායකයන්ගෙ දෙබිඩි ප්‍රතිපත්ති හේතුවෙන් තමන් දැඩි කළකිරීමට පත්ව සිටින බවයි.

පක්ෂයේ වත්මන් නායකයන්ට කුමාරතුංග භීතිකාවක් වැළදී ඇතැයි කී හිටපු අමාත්‍යවරයා ඒ හේතුවෙන් තමන්ට විවිධ කෙනෙහිලිකම්වලට මුහුණ දීමට සිදුව ඇතැයිද සදහන් කළා.

තම ඉල්ලා අස්වීම පිළිබඳව පක්ෂ මහලේකම්වරයාට ලිඛිතව දැනුම් දුන් බවද ජීවන් කුමාරතුංග මහතා වැඩිදුරටත් පැවසුවා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here