Home උණුසුම් පුවත් කොළඹ මහනගර සභා මන්ත්‍රීවරියකගෙන් මන්ත්‍රීවරයකුට බිත්තර – මිරිස් කුඩු ප්‍රහාරයක්

කොළඹ මහනගර සභා මන්ත්‍රීවරියකගෙන් මන්ත්‍රීවරයකුට බිත්තර – මිරිස් කුඩු ප්‍රහාරයක්

කොළඹ මහනගර සභා මන්ත්‍රීවරියකගෙන් මන්ත්‍රීවරයකුට බිත්තර – මිරිස් කුඩු ප්‍රහාරයක්

කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන මහතාට එම සභාවේම ශ්‍රීලනිප මන්ත්‍රීවරියක් අද පෙරවරුවේ මිරිස්කුඩු සහ කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ.

මහනගර සභාවේ පරිසර කමිටුවට සභාපතිවරයකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමක් අද පෙරවරු 10ට කොළඹ මහ නගර සභා කමිටු ශාලාවේදී පැවති අතර ඊට ශ්‍රීලනිපයේ ප්‍රදීප් ජයවර්ධන සහ සමන් අබේගුණවර්ධන අභය ගුණවර්ධන යන මහත්වරුන් තරඟ කළහ.

ඡන්ද විමසීමේ දී ප්‍රදීප් ජයවර්ධන මහතාට ඡන්ද හතරක් ද, සමන් අබේගුණවර්ධන මහතාට ඡන්ද දෙකක් ද හිමිවිය.

පරිසර කමිටුවේ සභාපති ධූරය අබේගුණවර්ධන මහතාට හිමි නොවීම නිසා කෝපයට පත් ඔහුගේ සමීපතම මන්ත්‍රීවරියක් ප්‍රදීප් ජයවර්ධන මහතාට මිරිස් කුඩු, කුණු බිත්තර සහ රතු පාට දියරයක් මිශ්‍රිත ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තාවේ.

මේ පිළිබඳව මන්ත්‍රීවරු දෙපිරිස අතර මහත් කලබැගෑනියක් ද සිදුවිය.

කොටුව පොලිසියේ මැදිහත් වීමෙන් එම කලබගෑනිය සමථයකට පත් කෙරිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here