Home උණුසුම් පුවත් ටුක් ටුක් මීටර් සවිකිරීම ලබන සතියේ ඇරඹේ

ටුක් ටුක් මීටර් සවිකිරීම ලබන සතියේ ඇරඹේ

ටුක් ටුක් මීටර් සවිකිරීම ලබන සතියේ ඇරඹේ

කුලී ත්‍රිරෝද රථ සඳහා මනු (මීටර්) සවිකිරීමේ වැඩපිළිවෙළ පෙබරවාරි මස 01 වෙනි දින සිට ආරම්භ කරන බව මිනුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ඉදිරියේදී සෑම කුලී ත්‍රිරෝද රථයකට ම මීටරයක් හෙවත් මනු සවිකර තිබීම අනිවාර්ය වන බවද මිනුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස් එම් අකුරන් තිලක මහතා පැවසීය.

කුලී ත්‍රිරෝද රථ සඳහා මනු සවි කිරීමේ වැඩපිළිවෙළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිදුකරන බවද ඔහු සඳහන් කළේය.

මනු සවි කරන ලද ත්‍රිරෝද රථ ජනතාවට පහසුවෙන් හඳුනා ගැනීම සඳහා ස්ටිකරයක් අලවන බවද ඔහු සඳහන් කළේය.

මේ අතර මනු ඒකක සවි කිරීමේදී ඒවා ප්‍රමිතිගත ඒවාද යන්න සලකා බැලිය යුතු බවත් ප්‍රමිතිගත ඒකක මිනුම් ඒකක හා ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබිය යුතු බවද අකුරන්තිලක මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here