Home උණුසුම් පුවත් විභාග සහතික දෙන එක්දින සේවය නවතී

විභාග සහතික දෙන එක්දින සේවය නවතී

විභාග සහතික දෙන එක්දින සේවය නවතී

අනිද්දා සිට නැවත දැනුම් දෙන තුරු විභාග සහතික පත්‍ර නිකුත් කිරීමේ එක් දින සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පැවසුවේ විභාග
සහතික පත්‍ර අයදුම් කිරීම මාර්ගගත සහ විද්‍යුත් තැපැල් ක්‍රමයන්ට පමණක් සිදුකිරීමට පහසුකම් සලසා ඇති අතර සහතික පත්‍ර අවශ්‍යතාව අනුව විදේශ කටයුතු අමාත්‍යංශය වෙත හෝ අධිවේගී තැපෑල මගින් අයදුම්කරුවන්ගේ ලිපිනය වෙත යොමුකරනු ඇති බවයි.

වැඩිදුර තොරතුරු විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිස ලබාගත හැකි බවද ඔහු සදහන් කළේය.

එමෙන්ම Exams Sri Lanka නිල ජංගම දුරකතන යෙදවුම මගින් ද සහතික පත්‍ර අයදුම් කළ හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here