Home උණුසුම් පුවත් “කිසිසේත් පත්වීම් අවලංගු කරන්නේ නෑ”

“කිසිසේත් පත්වීම් අවලංගු කරන්නේ නෑ”

“කිසිසේත් පත්වීම් අවලංගු කරන්නේ නෑ”

සෞඛ්‍ය අමාත්‍යංශයේ මගින් ලබාදුන් පශ්චාත් සීමාවාසික පත්වීම් කිසිසේත් අවලංගු නොකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජෙනරාල්වරයා සඳහන් කරයි.

එම පත්වීම් එලෙසම ක්‍රියාත්මක කරන අතර කිසිදු වෙනස්කමක් නොකරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා ගත් වෛද්‍යවරුන් ගෙන් සියයට 98 ක් පමණ මේ වන විට රාජකාරි බාරගෙන තිබෙන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදුන් ආකාරය පිළිබඳව විරෝධය දක්වමින් ඉකුත් දිනවල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here