Home උණුසුම් පුවත් දොස්තර වර්ජනය ඉවර වූ හේතුව

දොස්තර වර්ජනය ඉවර වූ හේතුව

දොස්තර වර්ජනය ඉවර වූ හේතුව

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අද දහවල් සිට නතර කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මාරු මණ්ඩලවල අනුමැතියකින් තොරව වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු කිරීමට විරෝධය දක්වමින් රට පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් දින හතරක් තිස්සේ වැඩ වර්ජනයක නිරත වූහ.

එම ප්‍රශ්නයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සතුටුදායක පිළිතුරක් ලැබුන හෙයින් වැඩ වර්ජනය අවසන් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංගමයේ ප්‍රකාශකයෙකු පැවසීය.

කෙසේ වෙතත් ස්ථාන මාරු මණ්ඩල වල අනුමැතිය නොමැතිව තවදුරටත් ස්ථාන මාරු කරන්නේ නම් ඉදිරියට විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here