Home උණුසුම් පුවත් සරසවි ආචාර්ය- මහාචාර්යවරු පිරිසක් ජනපති හමුවක් ඉල්ලා කෘෂි ලේකම්ට ලියති

සරසවි ආචාර්ය- මහාචාර්යවරු පිරිසක් ජනපති හමුවක් ඉල්ලා කෘෂි ලේකම්ට ලියති

සරසවි ආචාර්ය- මහාචාර්යවරු පිරිසක් ජනපති හමුවක් ඉල්ලා කෘෂි ලේකම්ට ලියති
file photo

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ මේ වන විට පවතින පොහොර අර්බුදය සම්බන්ධයෙන් නිවැරදි විස්තර ප්‍රකාශ කිරීම සඳහා තමන්ට ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබා දෙන්නැයි විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් 141 දෙනකු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යවා තිබේ.

එම ආචාර්ය මහාචාර්යවරු 141 දෙනා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ හැකි ඉක්මනින් තමන්ට ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක් ලබා දෙන ලෙසය.

පොහොර අර්බුදය සම්බන්ධයෙන් ආචාර්ය මහාචාර්යවරුන්ට ඇති අදහස හා නිවැරදි යෝජනා ඉදිරිපත් කිරීමට එමගින් අවස්ථාව සැලසෙන බව ද එම ලිපියේ සඳහන් කර තිබේ.

ජනාධිපතිතුමාට ඉතාමත් සමීපව උපදෙස් දුන් ඇතැම් පිරිස් කෘෂිකර්ම විෂයට අදාළ මූලික සිද්ධාන්ත සියල්ල නොදැන හෝ නොසලකා උපදෙස් ලබා දී ඇතැයි පැහැදිලි වන බව එම ලිපියේ සඳහන් වේ.

තවද ජේෂ්ඨ නිලධාරීන් පිරිසක් ඇඟ බේරා ගැනීමේ ආකල්පය අනුගමනය කරමින් ජනාධිපතිතුමා සතුටු කිරීමට හරි වැරදි සියල්ලට එකඟතාවය පළ කර ඇතැයි ද එම ලිපියේ සඳහන් වේ.

එම නිසා නිවැරදි තොරතුරු සහ නව වැඩපිළිවෙළක් හඳුන්වාදීම සඳහා තමන්ට ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව ද ලිපියේ සඳහන් කර ඇත පේරාදෙනිය, රුහුණ, ශ්‍රී ජයවර්ධනපුර, ඌව වෙල්ලස්ස ඇතුළු විශ්වවිද්‍යාල ගණනාවක ආචාර්ය මහාචාර්යවරු එම ලිපියට අත්සන් තබා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here