Home උණුසුම් පුවත් ඇමරිකාවේ ප්‍රථම කළු ජාතික රාජ්‍ය ලේකම්වරයා කොවිඩ් මාරයාට බිලිවෙයි

ඇමරිකාවේ ප්‍රථම කළු ජාතික රාජ්‍ය ලේකම්වරයා කොවිඩ් මාරයාට බිලිවෙයි

0
ඇමරිකාවේ ප්‍රථම කළු ජාතික රාජ්‍ය ලේකම්වරයා කොවිඩ් මාරයාට බිලිවෙයි

ඇමරිකවේ හිටපු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් කොරෝනා වැලදීමෙන් මරණයට පත්වෙයි

ඇමරිකාවේ ප්‍රථම කළු ජාතික රාජ්‍ය ලේකම්වරයා වූ කොලින් පවෙල් කොරෝනා වෛරසය වැලදීමෙන් මරණයට පත්ව ඇත.

මියයන විට 84 හැවරිදි වියේ පසුවූ පවෙල් ඇමරිකා හමුදාවේ සේවය කළ කීර්තිමත් තරු හතරේ ජෙනරාල් වරයෙකුද වේ.

කාලයක පටන් පිලිකා රෝගයෙන් පීඩා විදි ඔහු කොරෝනා මර්ධන එන්නත් දෙකම ලබා සිටියද ඇතිවූ සංකූලතා හේතුවෙන් මරණයට පත්ව තිබේ.

පවෙල්ගේ දෙමාපියන් ජැමෙයිකාවේ සිට ඇමරිකාවට සංක්‍රමණය වූවන් වන අතර ඔහු නිව්යෝක් නගරයේ සාමාන්‍ය පවුලක හැදීවැඩි ඇමරිකාවේ ඉහළතම නිල දැරීමට වරම් ලැබීය.

1958 වර්ෂයේදී දෙවනි ලුතිනන්වරයෙකු ලෙස සිය හමුදා දිවිය ආරම්භ කළ ඔහු වියට්නාම යුද්ධය ගල්ෆ් යුද්ධය වැනි තීරණාත්මක යුද මෙහෙයුම් ගණනාවකට එක්වූ පළපුරුදු හමුදා නිලධාරියෙක්විය.

ඵසුව 2001 වර්ෂයේදී හිටපු ජනාධිපති ජෝජ් ඩබ්ලිව් බුෂ් පාලන සමයේදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා වශයෙන් පත්වූ අතර එහිදී ඔහු ඉරාකය සතුව න්‍යෂ්ටික අවි පවතින් බවට ආන්දෝලනාත්ම ප්‍රකාශයක් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here