Home උණුසුම් පුවත් ලංවිම ඉංජිනේරු සංගමය දෙකඩ වෙයි

ලංවිම ඉංජිනේරු සංගමය දෙකඩ වෙයි

ලංවිම ඉංජිනේරු සංගමය දෙකඩ වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රබලතම වෘත්තීය සමිතියක් වන ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය දෙකඩ වී තිබේ.

ලංවිම ජේෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය නමින් නව වෘත්තීය සමිතියක් ලියාපදිංචි කර තිබෙන අතර සේවා කාලය වසර 15කට වැඩි ඉංජිනේරුවන්ට නව වෘත්තීය සමිතියේ සාමාජිකත්වය ලබාදී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ නිලධාරීන් හා ජ්‍යේෂ්ඨ සාමාජිකයන් අතර පැවැති ප්‍රතිපත්තිමය ගැටලු හේතුවෙන් මෙම නව සංගමය බිහි වී ඇතැයි ද ලංවිම ආරංචි මාර්ග කියයි.

ලංවිම විදුලි ඉංජිනේරු සංගමය, විදුලි ජනනය, ගල් අඟුරු ආනයනය, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වැඩියෙන් භාවිතා කිරීම යන කරුණු සම්බන්ධයෙන් දක්වන මතය හා නව සංගමයේ අදහස් අතර පරස්පරතා හේතුවෙන්ද කාලයක් තිස්සේ පැවති මත ගැටුම් හේතුවෙන් ද මෙම සංගමය දෙකඩ වී ඇතැයි ලංවිම ආරංචි මාර්ග කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here