Home COVID ඉන්දිය රජයට සෑම කොරෝනා මරණයකටම වන්දි ගෙවන්න වෙයි

ඉන්දිය රජයට සෑම කොරෝනා මරණයකටම වන්දි ගෙවන්න වෙයි

0
ඉන්දිය රජයට සෑම කොරෝනා මරණයකටම වන්දි ගෙවන්න වෙයි

කොරෝනා ආසාදිතව මරණයට පත් සෑම පුද්ගලයෙකුටම රුපියල් පනස්දහසක වන්දි මුදලක් ගෙවන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත එරට ආපදා කළමනාකරණ පනතට අනුව කොරෝනා ආසාදිතව මරණයට පත්වූන්ට වන්දි ගෙවීමක් කරන ලෙසට ඉදිරිපත් වූ පෙත්සමක් සලකා බලමින් මෙම නියෝග කර ඇත.

දැනට නිකුත් කර ඇති නිල දත්ත අනුව මේවන විට ඉන්දියාව තුල කොරෝනා ආසාදිතව පුද්ගලයින්  හාරලක්ෂ හතලිස් හත්දහසක් පමණ මරණයට පත්ව තිබේ.

කෙසේවෙතත් සත්‍ය මරණ සංඛ්‍යාව නිල සංඛ්‍යා මෙන් කිහිප ගුණයක් ඉහළ මට්ටම පවතින්නට බොහෝ ඉඩ පවතින බවට සෞඛ්‍ය විශේසඥයින් පෙන්වාදෙයි.

ඒ අනුව අධිකරණ සිය නියෝග ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා හේතුවෙන් මරණයට පත්වුවන්ගේ ලඟම ඥාතීන්ට සිය වන්දි ඉල්ලුම් පත ඉදිරිපත් කර දින තිහක් ඇතුලත අදාල වන්දි මුදල ගෙවන ලෙසයි.

මේ අතර ඇතැම් ප්‍රාන්ත ආදල මුදලට වඩා ඉහල වන්දි  මුදලක් ගෙවීමට නියමිත බවටද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here